බංග්ලාදේශයටත් පැරදුණු ශ්‍රී ලංකා යොවුන් පිල ආසියානු කුසලානයෙන් ඉවතට

Date:

මෙවර ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අද අහිමි වුණා.

ඒ, තරගාවලියේ 11 වැනි තරගයෙන් බංග්ලාදේශය හමුවේ කඩුලු 6කින් පරාජයට පත් වීමත් සමගයි.

ඩුබායි හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 199 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 50 අවසන් කළා.

පුලිදු පෙරේරා ලකුණු 28 ක් රැස් කළ අතර, නායක සිනෙත් ජයවර්ධන හා විශ්ව ලහිරු ලකුණු 25 බැගින් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Wasi Siddiquee කඩුලු 3 ක් දවා ගත් අතර, Maruf Mridha හා Mahfuzur Rahman Rabby කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 40.5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

Ashiqur Rahman Shibli නොදැවී ලකුණු 116 ක් ලබා ගත්තේ පන්දු 130 කින්. හයේ පහර 2 ක් හා හතරේ පහර 11 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී ගරුක සන්කෙත් ලකුණු 56 කට කඩුලු 2 ක් දවා ගත්තා.

ශ්‍රී ලංකාව පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හමුවේ ද පරාජයට පත් වුණා. ඒ අනුව මූලික වටයේ දී තරග 3ක් ක්‍රීඩා කර එක් තරගයක් පමණක් ජය ගත් ශ්‍රී ලංකා යොවුන් පිලට B කාණ්ඩයේ හිමි වූයේ තෙවැනි ස්ථානයයි.

තරග තුනම ජය ගත් බංග්ලාදේශය හා තරග දෙකක් ජය ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අවසන් පූර්ව වටයට B කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගත්තා.

A කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ පාකිස්තානය හා ඉන්දියාවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...