ලීග් තරගාවලි පහක් සමග ගැටෙන BPL කාලසටහන එළිදකියි

Date:

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

තරගාවලිය ජනවාරි 19 වැනිදා සිට මාර්තු පළමු වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ තරග කාලසටහන තවත් ලීග් තරගාවලි පහක කාලසටහන් සමග ඝට්ටනයකට ලක් වීම කැපී පෙනෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ILT20 තරගාවලිය ජනවාරි 19 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ලීගය පැවැත්වෙන්නේ ජනවාරි 10 වැනිදා සිට පෙබරවාරි 10 වැනිදා දක්වායි.

දෙසැම්බර් 7 වැනිදා ආරම්භ වූ ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලිය ජනවාරි 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නවසීලන්තයේ පැවැත්වීමට නියමිත Super Smash තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 19 වැනිදා සිට ජනවාරි 28 වැනිදා දක්වායි.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය ද පෙබරවාරි-මාර්තු මාසවලදී පැවැත්වීමට නියමිතයි.

මේ අතරින් පාකිස්තාන සුපර් ලීගය BPL තරගාවලියට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති. ඊට හේතු වී ඇත්තේ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් රැසකගේ වැඩි ආකර්ශනයක් පාකිස්තාන ක්‍රීඩකයින් වෙත යොමු වී තිබීමයි.

පසුගිය අදියරේ දී පාකිස්තාන ක්‍රීඩකයින් 25 දෙනෙකු BPL තරගාවලිය සදහා ක්‍රීඩා කළා. ඒ අතරට ඉෆ්ටිකාර් අහ්මඩ් හා මොහමඩ් රිස්වාන් ද ඇතුළත්.

BPL තරගාවලිය Dhaka, Chattogram හා Sylhet හී දී පැවැත්වීමට නියමිත අතර, අවසන් වටයේ තරග (playoffs) Dhaka හී දී පෙබරවාරි 25. වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...