රිෂාබ් පාන්ට් ගැන සුබ ආරංචියක්

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් සූදානමින් සිටින බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු සුපුරුදු පරිදි කණ්ඩායමේ නායකයා ලෙසම එළඹෙන අයි.පී.එල් තරග වාරයට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බව සදහන්.

2022 වසරේ දෙසැම්බර් මාසයේ දී සිදු වූ දරුණු රිය අනතුරක් හේතුවෙන් රිෂාබ් පාන්ට් දරුණු තුවාල වීමකට ලක් වුණා. අනතුරුව ඔහුට ශල්‍යකර්මවලට ද ලක් වීමට සිදු වුණා.

ඒ හේතුවෙන් ඔහුට 2023 අයි.පී.එල් තරගාවලිය පමණක් නොව මෙතෙක් පැවැති කිසිදු ජාත්‍යන්තර තරගයක් ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත්, ලබන පෙබරවාරි මාසය අවසන් වන විට ඔහු සම්පූර්ණයෙන්ම සුවය ලබනු ඇති බවට කණ්ඩායම් හිමිකාරීත්වය විශ්වාසයෙන් පසුවනවා.

2016 වසරේ සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ක්‍රීඩා කර ඇති රිෂාබ් පාන්ට් මේ දක්වා තරග 98 කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී ලකුණු 2,838 ක් වාර්තා කිරීමට ඔහු සමත් වුණා.

ඉනිමක සාමාන්‍ය 34.61 ක් ලෙස සටහන් කර ගෙන සිටින පාන්ට්ගේ ප්‍රහාරාත්මක වේගය සටහන්ව ඇත්තේ 147.97 ලෙසයි.

එක් ශතකයක් හා අර්ධ ශතක 15 ක් ද ඔහුගේ අයි.පී.එල් දිවිය වර්ණවත් කර තිබෙනවා.

 

View this post on Instagram

 

A post shared by Delhi Capitals (@delhicapitals)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...