අසාඩ් ශෆික් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනියි

Date:

පාකිස්තාන හිටපු මැදපෙල පිතිකරුවෙකු වන අසාඩ් ශෆික් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

ඒ, ඔහු පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස පත් වීමට නියමිතව ඇති පසුබිමකයි.

National T20 ශූරතාවය Karachi Whites කණ්ඩායමට හිමි කර දීමට 37 හැවිරිදි ශෆික් නායකත්වය ලබා දීමෙන් පසුවයි ඔහු සිය විශ්‍රාම ගැනීම නිවේදනය කළේ.

2016 වසරේ දී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට පාකිස්තානය සමත් වූ අවස්ථාවේ දී පිතිකරුවෙකු ලෙස ඔහු කණ්ඩායමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා.

2010 වසරේ දී ටෙස්ට් වරම් දිනූ අසාඩ් ශෆික් ටෙස්ට් තරග 77 ක් ක්‍රීඩා කර ඇති අතර, අවසන් ටෙස්ට් තරගය ඔහු ක්‍රීඩා කලේ 2020 වසරේ දී යි.

ටෙස්ට් ඉනිම් 128 කදී ලකුණු 4,660 ක් වාර්තා කර ඇති ශෆික් ඉනිමක සාමාන්‍ය 38.19 ක් ලෙස සටහන් කර ගෙන තිබුණා. ශතක 12 ක් හා අර්ධ ශතක 27 ක් ඔහුගේ ටෙස්ට් දිවිය වර්ණවත් කළා.

ටෙස්ට් තරගවලට අමතරව ඔහු එක්දින තරග 60කදී හා 20යි 20 තරග 10කදී ද පාකිස්තානය නියෝජනය කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...