IPL වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ලැයිස්තුව මෙන්න ; ශ්‍රී ලංකාවෙන් 8 ක් – මැතිව්ස් නැහැ

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ලැයිස්තුව තරගාවලියේ සංවිධායකයින් විසින් අද නිවේදනය කළා.

ක්‍රීඩකයින් 333 දෙනෙකු වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන අතර, ඉන් ක්‍රීඩකයින් 214 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වනවා.

වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 119 ක්. විදෙස් ක්‍රීඩකයින් අතරින් දෙදෙනෙකු අයි.සී.සී පූර්ණ සාමාජික නොවන රටවල්වලින් වන බව සදහන්.

ජාත්‍යන්තර වරම් දිනූ ක්‍රීඩකයින් 116 දෙනෙකු ද, ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 215 දෙනෙකු ද වෙන්දේසියට ඉදිරිපත් කරනු ඇති.

වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 77 දෙනෙකු මිලදී ගැනීමට කණ්ඩායම් දහයේ හිමිකරුවන්ට අවස්ථාව පවතිනවා. මේ වන විට පුරප්පාඩු වී පවතින විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 30 ක්.

ඉහළම මූලික වටිනාකමක් හිමි කාණ්ඩය වන ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 23 දෙනෙකු වෙන්දේසියට ඉදිරිපත් කරනු ඇති.

ඉන්දීය රුපියල් කෝටි 1.5 කාණ්ඩයෙන් වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ක්‍රීඩකයින් සංඛ්‍යාව 13 ක්.

වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මීට පෙර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටි 1.5 කාණ්ඩයෙන් වෙන්දේසියට ලියාපදිංචි වී තිබෙනවා. (සම්පූර්ණ ශ්‍රී ලංකා ක්‍රීඩක ලැයිස්තුව පහතින්)

වෙන්දේසිය සදහා ඇන්ජෙලෝ මැතිව්ස් රුපියල් කෝටි දෙකේ කාණ්ඩයෙන් ලියාපදිංචි වී ඇති බවට මීට පෙර විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබූ නමුත්, වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන අවසන් ලැයිස්තුවට ඔහුව ඇතුළත් වී නැහැ.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය ලබන 19 වැනිදා ඩුබායි හී දී මෙරට වේලාවෙන් පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතයි.

  1. වනිදු හසරංග – ඉන්දීය රුපියල් කෝටි 1.5 කාණ්ඩයෙන්
  2. කුසල් මෙන්ඩිස් – රුපියල් ලක්ෂ 50 කාණ්ඩයෙන්
  3. ඩිල්ෂාන් මදුෂංක – රුපියල් ලක්ෂ 50 කාණ්ඩයෙන්
  4. චරිත් අසලංක – රුපියල් ලක්ෂ 50 කාණ්ඩයෙන්
  5. දසුන් ශානක – රුපියල් ලක්ෂ 50 කාණ්ඩයෙන්
  6. දුෂ්මන්ත චමීර – රුපියල් ලක්ෂ 50 කාණ්ඩයෙන්
  7. ලහිරු කුමාර – රුපියල් ලක්ෂ 50 කාණ්ඩයෙන්
  8. නුවන් තුෂාර – රුපියල් ලක්ෂ 50 කාණ්ඩයෙන්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...