පාකිස්තානය හමුවේ ඉන්දියාවට කඩුලු 8ක පරාජයක් ; ශ්‍රී ලංකාවත් අද තරග බිමට

Date:

යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් ඉන්දියාව පරදා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය ඊයේ සමත් වුණා.

ඩුබායි හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 259 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 50 අවසන් කළා.

Adarsh Singh ලකුණු 62ක්, Uday Saharan ලකුණු 60 ක් හා Sachin Dhas ලකුණු 58 ක් රැස් කළා. පන්දු යැවීමේ දී Mohammad Zeeshan ලකුණු 46 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දුවාර 3ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2 ක් දැවී සිටියදීයි.

Azan Awais නොදැවී ලකුණු 105 ක් හා Saad Baig නොදැවී ලකුණු 68 ක් රැස් කළා. Shahzaib Khan ලකුණු 63යි.

තරගාවලියේ 6 වැනි තරගය ද ඊයේ පැවැති අතර, එම තරගයෙන් ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායම (261/10 -49.3 ov) හමුවේ නේපාලය (188/10 – 40.1 ov) ලකුණු 73 කින් පරාජයට පත් වුණා.

මේ අතර, තරගාවලියේ 7 වැනි හා 8 වැනි තරග අද පැවැත්වෙනවා. එහිදී ශ්‍රී ලංකාව කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍ය යොවුන් කණ්ඩායම සමගත්, බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ජපානය සමගත් තරග වදිනවා.

එම තරග දෙකම මෙරට වේලාවෙන් පෙරවරු 11ට ඩුබායි හී දී ආරම්භ වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...