පිලිප්ස්ගේ සටන්කාමී ප්‍රහාරය නවසීලන්තයට කඩුලු 4ක ජයක් හිමි කර දෙයි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් ඊයේ(9) නිමා වුණා. ඒ, දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය කඩුලු 4ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මීර්පූර්හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 137 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ තරගයේ සිව්වැනි දිනයේ දී යි.

ඔවුන්ගේ ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 69 දී බිද වැටුණේ තරගයේ ජය පිළිබද වැඩි බලාපොරොත්තු බංග්ලාදේශයට නතු කරමින්. කෙසේ වෙතත්, අනතුරුව 7 වැනි කඩුල්ල සදහා පන්දු 77කින් නොබිදුණු ලකුණු 70 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ග්ලේන් පිලිප්ස් හා මිචෙල් සැන්ට්නර් සමත් වුණේ නවසීලන්තයට ලෝක ටෙස්ට් ශූරතාවලියේ 2023-25 අදියරේ පළමු ජය හිමි කර දෙමින්.

පිලිප්ස් නොදැවී ලකුණු 40(48) ක් හා සැන්ට්නර් නොදැවී ලකුණු 35(39) ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී මෙහිදි හසාන් මිරාස් කඩුලු 3 ක් දවා ගත් අතර, තයිජුල් ඉස්ලාම් කඩුලු 2 ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 172 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස නවසීලන්තය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 180 ක්. අනතුරුව බංග්ලාදේශය සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 144 ක් පමණයි.

පළමු ඉනිමේ දී ද වටිනා ලකුණු 87(72) ක් රැස් කළ පිලිප්ස් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ තයිජුල් ඉස්ලාම්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...