පිලිප්ස්ගේ ප්‍රහාරය හමුවේ නවසීලන්තය යළි සටනට ; බංග්ලාදේශය ලකුණු 30 ක් ඉදිරියෙන්

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (8) නිමා වුණේ තරගයේ පාලනය කණ්ඩායම් දෙකටම තවදුරටත් සමව හිමි කරමින්.

වර්ෂාව හා අයහපත් අලෝක තත්ත්වය හේතුවෙන් අද දිනයේ දී ක්‍රියාත්මක කෙරුණේ පන්දුවාර 32.3 ක් පමණයි.

මීර්පූර්හී දී පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 55 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී සිය පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 180 ක්.

ඒ, බංග්ලාදේශය පළමු ඉනිමට ලබා ගත් ලකුණු 172 ට පිළිතුරු වශයෙන්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 38 ක්.

ඒ අනුව මේ වන විට බංග්ලාදේශය සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 30 ක් ඉදිරියෙන් පසුවනවා.

සාකීර් හසාන් නොදැවී ලකුණු 16 ක් ලබා සිටින අතර, නායක නජ්මුල් හොසේන් ශන්තෝ ලකුණු 15 කට දැවී ගියා. පන්දු යැවීමේ දී අජාස් පටෙල් හා ටිම් සවුති කඩුල්ල බැගින් බිද හෙලුවා.

නවසීලන්ත පළමු ඉනිම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් දියත් කළ ග්ලේන් පිලිප්ස් පන්දු 72 කින් ලකුණු 87 ක් ලබා ගත්තා. හයේ පහර 4ක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ක්යිල් ජමීසන් ලකුණු 20 ක් රැස් කරමින් පසුපෙල ශක්තිමත් කළා. ඩැරල් මිචෙල් (ලකුණු 18) හා පිලිප්ස් අතර 6 වැනි කඩුල්ල සදහා ලකුණු 49 ක සම්බන්ධතාවයක් ද, පිලිප්ස් හා ජමීසන් අතර 8 වැනි කඩුල්ල සදහා ලකුණු 55 ක සම්බන්ධතාවයක් ද ගොඩ නැගුණා.

පන්දු යැවීමේ දී මෙහිදි හසාන් මිරාස් හා තයිජුල් ඉස්ලාම් කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, ශොරිෆුල් ඉස්ලාම් හා නයීම් හසාන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...