මැක්ස්වෙල්ට ස්ටාර්ස් පිලේ මීළග තරගය අහිමි වෙයි

Date:

මෙල්බර්න් ස්ටාර්ස් තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල්ට ආබාධයක් හේතුවෙන් මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ස්ටාර්ස් කණ්ඩායම ක්‍රීඩා කරන මීළග තරගය අහිමි වී තිබෙනවා.

ස්ටාර්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු තරගයේ දී බ්‍රිස්බේන් හීට් කණ්ඩායම සමග ඊයේ (7) ක්‍රීඩා කළ අතර, ඔවුන් ක්‍රීඩා කරන මීළග තරගය පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.

ඊයේ පැවැති තරගය අතරතුර දී පිතිකරණයේ නිරතව සිටියදීයි මැක්ස්වෙල් ආබාධයකට මුහුණ දුන්නේ.

මෙම තරගයෙන් මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම ලකුණු 103 ක දරුණු පරාජයකට ද මුහුණ දුන්නා.

බ්‍රිස්බේන් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් හීට් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 212 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ස්ටාර්ස් කණ්ඩායමට පන්දුවාර 15.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 111 ක් පමණයි.

කොලින් මන්රෝ නොදැවී ලකුණු 99 (66) ක් ලබා ගනිමින් හීට් ඉනිම ශක්තිමත් කළා.

ස්ටාර්ස් ඉනිම වෙනුවෙන් නායක මැක්ස්වෙල් පන්දු 14 කින් ලකුණු 23 ක් රැස් කළා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 3 ක් ද සමගින්.

ස්ටාර්ස් කණ්ඩායම හා ස්කෝචර්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරගය ලබන බදාදා පැවැත්වීමට නියමිතයි.

අනතුරව තෙවැනි තරගයට පෙර ස්ටාර්ස් කණ්ඩායමට දින 10ක විරාමයක් ලැබෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...