රාසාගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ අවසන් පන්දුවෙන් සිම්බාබ්වේ පිලට කඩුල්ලක තියුණු ජයක්

Date:

සිකන්ඩ රාසාගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ අයර්ලන්තය සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් අවසන් පන්දුවේ දී කඩුල්ලක තියුුණු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

හරාරේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තයට කඩුලු 8 ක් දැවී ලකුණු 147 ක් ලබා ගත්තා.

Andy Balbirnie ලකුණු 32(25) ක්, Gareth Delany නොදැවී ලකුණු 26(11) ක් හා Harry Tector ලකුණු 24(21) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සිකන්ඩ රාසා ලකණු 28 කට කඩුලු 3 ක් දවා ගත් අතර, රිචර්ඩ් එන්ගරාවා හා බ්ලෙසින්ග් මුසරබානි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේ දී කඩුලු 9ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සිකන්ඩ රාසා පන්දු 42 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 65 ක්. හයේ පහර 2ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී Mark Adair, Josh Little, Barry McCarthy හා Craig Young කඩුලු 2 බැගින් දවා ගත්තා.

ඒ අනුව තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය මේ වන විට තරග 1-0 ක් ලෙස සිම්බාබ්වේ කණ්ඩායම පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...