ඉන්දීය යොවුන් පන්දු යවන්නා ලෝකෙන්ම එක වෙයි

Date:

නවතම පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගැනීමට ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක රවී බිෂ්නෝයි සමත්ව තිබෙනවා.

23 හැවිරිදි ඔහු පසුගිය වසරේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් අතර, නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔහු පන්දු යවන්නන් අතර ස්ථාන 4කින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) නිවේදනය කළේ.

රෂීඩ් ඛාන් දෙවැනි ස්ථානයේත්, වනිදු හසරංග හා අඩිල් රෂීඩ් සම තෙවැනි ස්ථානයේත් පසුවන අතර, මහීෂ් තීක්ෂණ පස්වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මෑතකදී ඔස්ට්‍රේලියාව සමග නිමා වූ තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය තරග 4-1 ක් ලෙස ඉන්දියාව ජය ගනිද්දී තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ රවී බිෂ්නෝයි.

මේ දක්වා 20යි 20 තරග 21 කදී ඔහු දවා ගෙන ඇති කඩුලු ගණණ 34 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...