2024 ශ්‍රී ලංකා ක්‍රිකට් තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

2024 වසර සදහා ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ තරග කාලසටහන අද (29) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.

ඒ අනුව ලබන වසර ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි දෙකක් මෙරට දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

අනතුරුව ඇෆ්ඝනිස්තාන කණ්ඩායම මෙරටට පැමිණෙන්නේ ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ක්‍රීඩා කිරීම සදහායි.

අනතුරව ශ්‍රී ලංකා කණ්ඩායම සියලු තරග රටාවලින් යුත් තරගාවලි  ක්‍රීඩා කිරීම සදහා බංග්ලාදේශ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ජූනි-ජූලි මාසවලදී පැවැත්වීමට නියමිත අතර, ඒ අනුව ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇත්තේ 20යි 20 තරග 9ක් පමණයි.

ඉන්දියාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් ද ලබන වසරේ දී ශ්‍රී ලංකා තරග සංචාරවල නිරත වනවා.

ඊට අමතරව ශ්‍රී ලංකා තරග කාලසටහනට එංගලන්ත, දකුණු අප්‍රිකා හා නවසීලන්ත තරග සංචාර ද ලබන වසර සදහා ඇතුළත්.

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...