රූට් 2024 IPL තරගාවලියෙන් ඉවත් වෙයි

Date:

එංගලන්ත පිතිකරු ජෝ රූට් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මීළග අදියරෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

2024 අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතයේ රදවා ගන්නා ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව අද දිනයේ දී නිවේදනය කළ යුතුව ඇති පසුබිමකයි මෙම පුවත වාර්තා වන්නේ.

රූට් අයි.පී.එල් වරම් දිනා ගත්තේ 2023 අදියරේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරමින්.

රූට්ගේ තීරණයට සිය කණ්ඩායම ගරු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් රාජස්ථාන් කණ්ඩායම සදහන් කළේ.

“රදවා ගැනීම්වලට අදාළ අපේ සාකච්ඡා අතරතුර ජෝ අපට දැනුම් දුන්නා 2024 අයි.පී.එල් තරගාවලියට එක් නොවීමට ඔහු ගත් තීරණය” යනුවෙන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ කුමාර් සංගක්කාර සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...