ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගැන අයි.සී.සීය අද ගත් තීරණය මෙන්න

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට පසුගිය 10 වැනිදා ගත් තීරණය තවදුරටත් එලෙසම පවත්වාගෙන යාමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර ඇති බව cricbuzz වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට දේශපාලන මැදිහත් වීම් සිදු වන බව පවසමින් එලෙස ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට අයි.සී.සීය පියවර ගෙන තිබූ අතර, අද(21) අහ්මදාබාද් හී දී පැවැති අයි.සී.සී රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කෙරුණා.

“අත්හිටුවීම ඉවත් කළ නොහැකි බව මණ්ඩලයේ ඒකමතික තීරණයක්. රට තුළ ක්‍රිකට් ක්‍රීඩාව සාමාන්‍ය පරිදි සිදුවේවි” යනුවෙන් ප්‍රකාශකයෙකු cricbuzz වෙබ් අඩවිය වෙත පවසා තිබෙනවා.

ඒ අනුව ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවා ඇතත්, ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලුවකින් තොරව ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කළ හැකි වනවා. යොවුන් කණ්ඩායමට ද එළඹෙන යොවුන් ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කළ හැකියි.

විශේෂයෙන්ම, ක්‍රිකට් ආයතනයේ කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය, නියාමනය සහ/හෝ පරිපාලනය සඳහා රජයේ මැදිහත්වීමක් සිදු නොවන බවට සහතික වීමට නොහැකි වීම යන හේතු මත මෙම අත්හිටුවීමේ තීරණය ගැනීමට අයි.සී.සීය පසුගියදා පියවර ගත්තා.

ඒ, දූෂණ චෝදනා පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සදහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු කමිටුවක් පත් කිරීමට ගත් තීරණයත් සමගයි.

කෙසේ වෙතත්, පසුව එම අතුරු කමිටුවට අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළා. එම නඩුව තවදුරටත් විභාග වනවා.

නමුත්, cricinfo වෙබ් අඩවිය මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා ද චෝදනා කර සිටියේ ශ්‍රී ලංකාවේ අයි.සී.සී සාමාජිකත්වය අත්හිටුවා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේම නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව බවයි. එම චෝදනා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළා.

මේ අතර, මෙම පරිපාලන අර්බුදය හේතුවෙන් 2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ද ශ්‍රී ලංකාවට මේ වන විට අහිමි වී තිබෙනවා.

ඒ අනුව තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය අද තීරණය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...