ශෙර්ෆේන් හා මැතිව් ෆෝර්ඩ් එක්දින සංචිතයට කැදවයි ; ජෝසප්ට උප නායකත්වය

Date:

ලබන මාසයේ දී එංගලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති ශෙර්ෆේන් රදර්ෆර්ඩ් හා මැතිව් ෆෝර්ඩ් සංචිතය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කඩුලු රකින ක්‍රීඩක ශේන් ඩව්රිච් ද එක්දින සංචිතයේ ස්ථානයක් යළි හිමි කර ගෙන ඇති අතර, ෂේයි හෝප් නායකත්වය දරන සංචිතයේ උප නායකයා ලෙස පත් කර ඇත්තේ අල්සාරි ජෝසප්.

රොව්මන් පවෙල්, ඩොමිනික් ඩ්‍රෙක්ස්, ක්යල් මේයර්ස් හා ජයිඩන් සීල්ස් යන ක්‍රීඩකයින්ට සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවසන් වරට ජාත්‍යන්තර තරගාවලියක් ක්‍රීඩා කළේ පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දියාවට එරෙහිවයි.

එංගලන්ත කණ්ඩායමේ කොදෙව් සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 5ක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය දෙසැම්බර් 3 වැනිදා ද, 20යි 20 තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

West Indies ODI squad :

Shai Hope (c), Alzarri Joseph (vc), Alick Athanaze, Yannic Cariah, Keacy Carty, Roston Chase, Shane Dowrich, Matthew Forde, Shimron Hetmyer, Brandon King, Gudakesh Motie, Kjorn Ottley, Sherfane Rutherford, Romario Shepherd, Oshane Thomas

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...