2023 ලෝක කුසලානයේ වැඩිම ලකුණුලාභීන් හා කඩුලුලාභීන් මෙන්න

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ රාත්‍රියේ නිමා වුණේ තරගාවලියේ වැඩිම ලකුණුලාභියා හා වැඩිම කඩුලුලාභියා ඉන්දියාවෙන් බිහි කරමින්.

තරගාවලියේ ශූරතාවය දිනූ ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන හිමි කර ගත් අතර, තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේ තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූ විරාත් කෝලි.

කෝලි ඉනිම 11 කදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 765 ක්. රෝහිත් ෂර්මා එහි දෙවැනි ස්ථානයත්, ක්වෙන්ටන් ඩී කොක් එහි තෙවැනි ස්ථානයත් හිමි කර ගත්තා.

වැඩිම කඩුලුලාභියා බවට පත් වෙමින් මෙවර ලෝක කුසලානය නිමා කළේ ඉන්දියාවේ මොහමඩ් ෂාමි. ඔහු ඉනිම් 7කදී දවා ගත් කඩුලු ගණන 24 ක්.

දෙවැනි ස්ථානය කඩුලු 23 ක් දවා ගත් ඇඩම් සම්පාටත්, තෙවැනි ස්ථානය කඩුලු 21 ක් දවා ගත් ඩිල්ෂාන් මදුෂංකටත් හිමි වුණා.

Top Run Scorers

විරාත් කෝලි (IND) – 765 runs (11 Innings)
රෝහිත් ෂර්මා (IND) – 597 runs (11 Innings)
ක්වෙන්ටන් ඩී කොක් (SA) – 594 runs (10 Innings)
රචින් රවීන්ද (NZ) – 578 runs (10 Innings)
ඩැරල් මිචෙල් (NZ) – 552 runs (9 Innings)

Top Wicket Takers

මොහමඩ් ෂාමි (IND) – 24 wickets (7 Innings)
ඇඩම් සම්පා (AUS) – 23 wickets (11 Innings)
ඩිල්ෂාන් මදුෂංක (SL) – 21 wickets (9 Innings)
ජස්ප්‍රිට් බුම්රා (IND) – 20 wickets (11 Innings)
ජෙරාල්ඩ් කොට්සියා (SA) – 20 wickets (8 Innings)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...