අවසන් මහා තරගයට සියල්ල සූදානම් ! 13 වැනි ලෝක ශූරයින් ඉන්දියාව ද? ඔස්ට්‍රේලියාව ?

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට මේ වන විට සියල්ල සූදානම්.

තරගය සත්කාරක ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර ඉරිදා (19) පස්වරු දෙකට ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන අහ්මදාබාද් හී දී ආරම්භ වීමට නියමිතයි.

8 වැනි වරටත් එක්දින ලෝක කුසලානයක අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ ඔස්ට්‍රේලියාව 1987, 1999, 2003, 2007 හා 2015 යන වසරවලදී ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.

ඉන්දියාව මෙවර අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ සිව්වැනි වරටයි. මීට පෙර ඔවුන් 1983 හා 2011 යන වසරවලදී ලෝක ශූරයින් බවට පත් වුණා.

මෙවර තරගාවලියේ මෙතෙක් අපරාජිත කණ්ඩායමට බවට පත්ව සිටින ඉන්දියාවට අවසන් මහා තරගයේ දී ප්‍රේක්ෂකයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවකගේ සහයෝගය ක්‍රීඩාංගනය තුළ දී ලැබීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාව මෙවර තරගාවලිය පරාජයන් දෙකකින් ආරම්භ කළ නමුත්, තෙවැනි තරගයේ සිට ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් ඔවුන් ඉතිරි සියලු තරග ජය ගැනීමට සමත් වුණා.

2023 ලෝක කුසලානය ජය ගන්නා කණ්ඩායමට හිමි වන ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක්. එනම් ශ්‍රී ලංකා රුපියල් කෝටි 129 ක පමණ අගයක්.

අනුශූරයින්ට ඩොලර් මිලියන දෙකක ත්‍යාග මුදලක් හිමි වීමට නියමිතයි.

අවසන් මහා තරගයේ දී පිටියේ විනිසුරුවන් ලෙස එංගලන්තයේ Richard Illingworth හා Richard Kettleborough කටයුතු කිරීමට නියමිත අතර, තෙවැනි විනිසුරු ලෙස පත් කර ඇත්තේ Joel Wilson. තරග තීරකවරයා ලෙස Andy Pycroft කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...