Watch : චමරිගේ තුන් ඉරියව් දක්ෂතා සිඩ්නි පිලට ජය ගෙන ආ හැටි

Date:

චමරි අතපත්තුගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ මෙවර කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 44 වැනි තරගයෙන් පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම පරදා කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට සිඩ්නි තන්ඩර් කණ්ඩායම අද(18) සමත් වුණා.

සිඩ්නි හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පර්ත් කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලකුණු 116 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිඩ්නි කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 23 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුල්ලක් දැවී සිටියදීයි.

චමරි පන්දු 53 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 77 ක්. හයේ පහර 3ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

මෙය ඇය මෙවර තරගාවලියේ දී වාර්තා කළ 5 වැනි අර්ධ ශතකයයි.

පළමුව පන්දුවට පහරදුන් පර්ත් ස්කෝචර්ස් ඉනිමේ දී චමරි පන්දු යැවීමෙන් ලකුණු 23 කට කඩුලු 2ක් දවා ගැනීමට ද සමත් වුණා.

තරගයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...