බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නව නායකයා මෙන්න

Date:

නවසීලන්තය සමග ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නජ්මුල් හොසේන් ශන්ටෝ වෙත පවරා තිබෙනවා.

පසුගිය ජූනි මාසයේ දී ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස ලිටොන් දාස් කටයුතු කළ නමුත්, ඔහුට මේ වන විට මාසයක කාලයක් සදහා පීතෘ නිවාඩු අනුමත කර ඇති බැවිනුයි නජ්මුල් හොසේන්ට නායකත්වයේ වගකීම පවරා ඇත්තේ.

ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් හේතුවෙන් අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් මෙම ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ.

ශන්ටෝ මේ වන විට ටෙස්ට් තරග 23 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ශතක 4 ක් වාර්තා කර ඇති ඔහුගේ ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 29.83 ක් ලෙසයි.

කෙසේ වෙතත්, ඔහු මීට පෙර කිසිදු ටෙස්ට් තරගයකදී බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය ලබා දී නැහැ. නමුත්, එක්දින තරග තුනකදී බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දරා ඇති ඔහු ලෝක කුසලාන තරගාවලියේ දී ද තරග දෙකකට නායකත්වය ලබා දුන්නා.

ශකිබ් අල් හසාන් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරියටත් කටයුතු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිසි තොරතුරු වාර්තා වන්නේ නැහැ.

බංග්ලාදේශය හා නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය එළඹෙන 28 වැනිදා සිල්හෙට් හී දී ආරම්භ වීමට නියමිතයි.

Bangladesh Test squad:

Najmul Hossain Shanto (c), Mahmudul Hasan Joy, Zakir Hasan, Shadman Islam, Mominul Haque, Mushfiqur Rahim, Nurul Hasan Sohan, Mehidy Hasan Miraz, Taijul Islam, Naeem Hasan, Syed Khaled Ahmed, Shoriful Islam, Hasan Mahmud, Shahadat Hossain Dipu, Hasan Murad

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...