පාකිස්තාන හිටපු වේග පන්දු යවන්නා තේරීම් කමිටු සභාපතිධූරයට

Date:

පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් පත් කර තිබෙනවා.

තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ ඉන්සමාම් උල් හක් මෙවර ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී ඉල්ලා අස්වීමත් සමග ඇති වූ පුරප්පාඩුව සදහායි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ.

වහබ් රියාස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත්තේ පසුගිය අගෝස්තු මාසයේ දී යි.

ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය නව තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ඔහුගේ පළමු වගකීම බවට පත් වනු ඇති.

තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් මෙතෙක් නම් කර නැහැ.

මේ අතර, එළඹෙන ඔස්ට්‍රේලියානු හා නවසීලන්ත තරග සංචාරවලදී පාකිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මොහමඩ් හෆීස් කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

ඔහු පාකිස්තාන කණ්ඩායම් අධ්‍යක්ෂ ලෙස ද පසුගියදා පත් කෙරුණා. එම ධූරය මෙතෙක් දරනු ලැබුවේ මිකී ආතර් විසින්.

කණ්ඩායම් අධ්‍යක්ෂ හා ප්‍රධාන පුහුණුකරු යන තනතුරු දෙකම ඒකාබද්ධ කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සූදානමින් සිටින බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...