මාෂ්ගේ 177* හමුවේ ඔස්ට්‍රේලියාවට කඩුලු අටක ජයක්

Date:

මිචෙල් මාෂ් පන්දු 132 කින් නොදැවී රැස් කළ ලකුණු 177 හමුවේ මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 43 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(11) සමත් වුණා.

පූනේ හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 307 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 44.4 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මාෂ්ගේ ඉනිමට හයේ පහර 9ක් හා හතරේ පහර 17 ක් ඇතුළත්. ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 63 ක් හා ඩේවිඩ් වෝනර් ලකුණු 53 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් හා මුස්ටර්ෆිසුර් රහ්මාන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 306 ක් ලබා ගත්තේ කඩුලු 8 ක් දැවී සිටියදීයි.

තව්හිද් හ්රිදෝයි ලකුණු 74 ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා හා ශෝන් ඇබෝට් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව මූලික වටය අවසන් කළේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමි කර ගනිමින්.

ඔවුන් දකුණු අප්‍රිකාවට එරෙහිව අවසන් පූර්ව වටයේ දී තරග වැදීමට නියමිතයි.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...