ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමු වරට අයි.සී.සී තරගාවලියක් අහිමි වෙයි

Date:

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව මේ වන විට නිල වශයෙන්ම ශ්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා.

අද(11) දිනයේ දී ක්‍රියාත්මක ලෝක කුසලාන තරගවල මේ වන විට ලැබී ඇති ප්‍රතිපල අනුවයි ඒ බව තීරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකාවට හිමිව ඇති ශුද්ධ ලකුණු වේගයට අනුව ඔවුන්ට තරගාවලිය නිමා කිරීමට සිදු වන්නේ ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි හෝ 10 වැනි ස්ථාන ලබා ගනිමින්.

ඒ අනුව ක්‍රිකට් ඉතිහාසයේ දී ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම නොමැතිව ක්‍රීඩා කරන පළමු අයි.සී.සී තරගාවලිය බවට 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය පත් වනු ඇති.

ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගන්නේ පාකිස්තානය හැර මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරිියෙන් පසුවන සෙසු රටවල් හතයි.

පාකිස්තානය තරගාවලියේ සත්කාරක රට බැවින් එම තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...