අයි.සී.සීය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා තාවකාලික තහනමක් පනවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සීය සදහන් කළේ අද රැස් වූ අයි.සී.සී මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගත් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාමාජිකයෙකු ලෙස සිය බැදීම් බරපතල ලෙස කඩකරමින් සිටින බව අයි.සී.සී මණ්ඩලය රැස් වූ අවස්ථාවේ දී තීරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම, ක්‍රිකට් ආයතනයේ කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය, නියාමනය සහ/හෝ පරිපාලනය සඳහා රජයේ මැදිහත්වීමක් සිදු නොවන බවට සහතික වීමට නොහැකි වීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බවයි අයි.සී.ය සදහන් කළේ.

මෙම අත්හිටුවීමට අදාළ කොන්දේසි ICC මණ්ඩලය විසින් ඉදිරියේදී තීරණය කරනු ඇති.

අයි.සී.සී මාධ්‍ය නිවේදනය පහතින් –

The International Cricket Council (ICC) Board has suspended Sri Lanka Cricket’s membership of the ICC with immediate effect.

The ICC Board met today and determined that Sri Lanka Cricket is in serious breach of its obligations as a Member, in particular, the requirement to manage its affairs autonomously and ensure that there is no government interference in the governance, regulation and/or administration of cricket in Sri Lanka.

The conditions of the suspension will be decided by the ICC Board in due course.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...