Watch : සිඩ්නි තන්ඩර් පිලට ජය ගෙන ආ චමරිගේ අවසන් පන්දුව

Date:

මෙවර කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දක්වමින් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු සමත්ව සිටින බව නොරහසක්.

අද(10) පැවැති තරගයකදී පිතිකරණයෙන් හා පන්දු යැවීමෙන් සුවිශේෂි දක්ෂතා දැක්වීමට චමරි සමත් නොවූවත්, තරගයේ අවසන් පන්දුවාරය යොමු කරමින් මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව සිය කණ්ඩායමට තියුණු ජයක් හිමි කර දෙමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දක්වා සිඩ්නි තන්ඩර් කණ්ඩායම රැගෙන යාමට ඇය සමත් වුණා.

North Sydney හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිඩ්නි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 125 ක් ලබා ගත්තා.

චමරි අතපත්තු ලකුණු 17 කට දැවී ගිය අතර, හේදර් නයිට් ලකුණු 45 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මෙල්බර්න් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 121 ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් සිඩ්නි කණ්ඩායම ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කළා.

චමරි අතපත්තු විසින් අවසන් පන්දුවාරය යොමු කළ අතර, එම පන්දුවාරයේ දී ජයග්‍රහනය සදහා මෙල්බර්න් කණ්ඩායමට ලකුණු 9ක් අවශ්‍ය වුණා.

අවසන් පන්දුවේ දී තරගය ජය ගැනීමට ලකුණු 5 ක් අවශ්‍ය වූ නමුත්, එය සාර්ථකව රැස් කර ගැනීමට මෙල්බර්න් කණ්ඩායමට චමරි ඉඩ ලබා දුන්නේ නැහැ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...