පරාජ පිටුපස කුමන්ත්‍රණයක් තිබ්බා : පරාජ රැල්ලෙන් පසු දිවයිනට ආ තේරීම් කමිටු සභාපති කියයි

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක තරගාවලියක් නිමා කරමින් අද(10) අලුයම දිවයිනට පැමිණියා.

මෙවර තරගාවලියේ දී තරග 9ක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ජය ගත්තේ තරග 2 ක් පමණයි. තරග 7ක් පරාජයට පත් වුණා.

බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය හමුවේ ද පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම ජය වාර්තා කළේ නෙදර්ලන්තයට හා එංගලන්තයට එරෙහිව පමණයි.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ රැදී සිටින ශ්‍රී ලංකාවට 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට නොහැකි වීමේ දැඩි අවධානමක් මතුව තිබෙනවා.

පරාජ රැසකට මුහුණ දීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සමග දිවයිනට පැමිණි තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත සදහන් කළේ එක්තරා කණ්ඩායමක කුමන්ත්‍රණයක් තරග පරාජවලට බලපෑ බවයි.

තරග පරාජයන්හි වගකීම තමා ද භාර ගන්නා නමුත්, සිදු වූ කුමන්ත්‍රණ පිළිබද දින දෙකකින් පමණ අනාවරණය කරන බව ද හෙතෙම කියා සිටියා.

දර්ශන පහතින් – (දර්ශන මූලාශ්‍රය – හිරු නිව්ස්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...