කඩුලු පහක පරාජයත් සමග ශ්‍රී ලංකාව අවධානමේ ; නවසීලන්තය අවසන් පූර්ව වටය අසලටම

Date:

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු දැඩි අවධානමකට ලක් කරමින් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 41 වැනි තරගයෙන් නවසීලන්තය හමුවේ කඩුලු පහක පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(9) සිදු වුණා.

මෙම ජයත් සමග තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු ඉතා ඉහළ මට්ටමකට රැගෙන ඒමට නවසීලන්තය සමත් වූ අතර, ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ පාකිස්තාන හා ඇෆ්ඝනිස්තාන බලාපොරොත්තු මේ වන විට දැඩි අවධානමකට ලක්ව තිබෙනවා.

අද බැංගලූරුහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 46.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 171 ක් පමණයි.

කුසල් පෙරේරා පන්දු 28 කින් ලකුණු 51 ක් ලබා ගත්තේ හයේ පහර 2 ක් හා හතරේ පහර 9 ක් සමගින්. මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 38 යි.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 37 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ලකී ෆර්ගසන්, මිචෙල් සැන්ට්නර් හා රචින් රවීන්ද්‍ර කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 23.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඩෙවෝන් කොන්වේ ලකුණු 45 ක්, ඩැරල් මිචෙල් ලකුණු 43 ක් හා රචින් රවීන්ද්‍ර ලකුණු 42 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඇන්ජෙලෝ මැතිව්ස් කඩුලු 2 ක් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ හා දුෂ්මන්ත චමීර කඩුල්ල බැගින් බිද හෙලුවා.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ දී ක්‍රීඩා කළ තරග 9න් ජය ගත්තේ තරග 2ක් පමණයි.

2025 ශූරයින්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගන්නේ මෙවර ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් හතයි.(පාකිස්තානය හැර)

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ශූරයින්ගේ කුසලානයට ක්‍රීඩා කළ හැකි දැයි තීරණය වන්නේ ඉදිරියේ දී පැවැත්වෙන තරගවල ප්‍රතිපල අනුවයි.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...