ක්‍රිකට් නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාව සම්මත වෙයි ; මිලියන දෙකේ චෝදනාවට SLC පිළිතුරු දෙයි

Date:

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සදහා දූෂිත වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලය වහා ඉවත් විය යුතු යැයි ද, දූෂණයෙන් තොරව ක්‍රිකට් පරිපාලනය විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යාම සදහා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක් පනතක් හරහා සම්මත කළ යුතු යැයි ද සදහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යෝජනාව මේ වන විට සම්මත වී තිබෙනවා.

ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ඒකාබද්ධව ගෙන ආ මෙම යෝජනාව ස්ථීර කළේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින්.

මීට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබූ නමුත්, ඡන්ද විමසීමකින් තොරවම එම යෝජනාව ඒකමතිකවයි සම්මත වුණේ.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට සිය ගිණුමකින් ඩොලර් මිලියන දෙකක මුදලක් ආපසු ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කළ චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සදහන් කළේ සිය ගිණුම්වලින් මුදල් තෙවන පාර්ශවයක ගිණුම් වෙත මාරු කිරීමට උත්සාහ ගන්නා බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට ලංකා බැංකුවේ නිදහස් චතුරශ්‍ර ශාඛාවේ සිය ගිණුමෙන් ඩොලර් මිලියන දෙකක මුදලක් ආපසු ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බවටත්, නිලවරණයකින් පත් වූ ක්‍රිකට් ආයතන ලේකම්වරයා නොමැති පසුබිමක එවැනි කටයුත්තක් සිදු කිරීමට අනුමැතිය ලබා ගැනීම ද ගැටලුවක් බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද(9) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සදහන් කර සිටියා.

මේ වන විට පරිපාලනයට සම්බන්ධ එක් නිළධාරියෙකු රටින් පිටව ගොස් ඇති බවත්, ඒ අනුව පරිපාලනයේ නිරත නිලධාරීන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අත්හිටුවීමට ගත හැකි පියවර සොයා බැලිය යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...