ශම්මි උසාවි යයි – අර්ජුනගේ ක්‍රිකට් අතුරු කමිටුවට තහනම් නියෝගයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත්කළ අතුරු කමිටුව සහ එම පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ ශම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

දින 14 ක කාලයක් සදහා වලංගු වන පරිදි මෙම තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය පසුගිය 05 වන දින සිට අත්හිටුවමින් හා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු වෙනුවෙන් සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත (අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත්) අන්තර් පාලන මණ්ඩලයක් පත් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කළා. ඒ, 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 වගන්තිය යටතේ හා 33 වන වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි.

කෙසේ වෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් දැනුවත්ව නොසිටි බවට පසුව මාධ්‍ය වාර්තා පලව තිබුණා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානීත්වයෙන් ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබුණේ මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අමාත්‍යවරුවන් සිව් දෙනෙකුගෙන් යුත් කැබිනට් අනු කමිටුවක් පත් කිරීමටයි.

අලි සබ්රි අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම අනු කමිටුවට ටිරාන් අලස්, මනුෂ නානායක්කාර හා කංචන විජේසේකර යන අමාත්‍යවරුන් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...