Watch : ඩිල්ෂාන්ගේ සුපිරි පන්දුවක් හමුවේ ෂර්මා දැවී ගිය හැටි

Date:

2023 ‌ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 33 වෙනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ඉන්දීය නායක රෝහිත් ෂර්මාගේ කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක අද(2) සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගයේ පළමු පන්දුවාරයේදීමයි මදුෂංක විසින් ෂර්මා දවා ගැනීමට සමත් වුණේ.

ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ෂර්මා දැවී ගියා. (දර්ශන පහතින්)

අද තරගය වෙනුවෙන් ඉන්දියාව කිසිදු වෙනස්කමක් සිදු කර නොමැති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ධනංජය ද සිල්වා වෙනුවට දුෂාන් හේමන්ත කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...