බංග්ලාදේශය ලෝක කුසලානයෙන් ඉවතට ; පාකිස්තානයට කඩුලු 7ක ජයක්

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු හතක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පාකිස්තාන කණ්ඩායම අද(31) සමත් වුණා.

මෙම පරාජයත් සමග බංග්ලාදේශයට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු තවදුරටත් සුළු වශයෙන් රැක ගැනීමට පාකිස්තානය සමත් වුණා.

කොල්කටා හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 45.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 204 ක් පමණයි.

ඉනිමේ 3 වැනි කඩුල්ල ලකුණු 23 දී දැවී ගිය අතර, මහ්මුදුල්ලාහ් ලකුණු 56 ක්, ලිටොන් දාස් ලකුණු 45 ක් හා ශකිබ් අල් හසාන් ලකුණු 43 ක් රැස් කරමින් බංග්ලාදේශය ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි හා මොහමඩ් වසීම් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 32.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 68 ක් හා ෆකාර් සමාන් ලකුණු 81 ක් රැස් කරමින් පාකිස්තානයට ප්‍රබල ආරම්භයක් ලබා දුන්නා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 128 ක්.

බාබර් අසාම් ලකුණු 9කට දැවී ගිය අතර, මොහමඩ් රිස්වාන් නොදැවී ලකුණු 26 ක් හා ඉෆ්ටිකාර් අහ්මඩ් නොදැවී ලකුණු 17 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලු තුනම දවා ගත්තේ මෙහිදි හසාන් මිරාස් විසින්.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...