‘මම වරදකරු නොවුණහොත් යළි ධූරය භාර ගන්නවා’ : තේරීම් කමිටුවෙන් ඉල්ලා අස් වූ ඉන්සමාම් කියයි

Date:

පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ඉන්සමාම් උල් හක් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

එරට ක්‍රිකට් ආයතනයේ සභාපති Zaka Ashraf ලාහෝර් දී හී මුණ ගැසීමෙන් පසුව ඔහු මෙලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.

බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කර ගත් Yazoo International Ltd නම් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ඉන්සමාම් කටයුතු කරන බවට පාකිස්තාන මාධ්‍ය කළ අනාවරණයත් සමග ඔහු මෙම තීරණයට එළඹ තිබෙනවා.

එම ආයතනයේ තවත් අධ්‍යක්ෂවරයෙකු ලෙස Talha Rehmani කටයුතු කරන අතර, ඔහු Saya Corporation හි කළමනාකාර අධ්යක්ෂක ලෙස කටයුතු කරනවා.

Saya Corporation නම් ආයතනය බාබර් අසාම්, ශහීන් ශාහ් අෆ්රිඩි හා මොහමඩ් රිස්වාන් වැනි ප්‍රබල පාකිස්තාන ක්‍රීඩකයින් නියෝජනය කරන ආයතනයක්.

ඉන්සමාම්ට අමතරව Yazoo නම් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස මොහමඩ් රිස්වාන් ද කටයුතු කරන බව සදහන්.

මෙම ආයතනයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ ඉන්සමාම්ගේ සහෝදරයා වන Intisar-ul-Haq.

2020 වසරේ දෙසැම්බර් 7 වැනිදා මෙම සියලු පත් කිරීම් (අධ්‍යක්ෂවරු තිදෙනා හා ලේකම්වරයා) සිදු කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා මෙලෙස පාකිස්තාන ප්‍රධාන ක්‍රීඩකයෙකු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන සමාගමක කොටස්කරුවෙකු වීම කොපමණ දුරට සදාචාරාත්මක දැයි සමාජයේ දැඩි කතාබහක් ඇති වීමත් සමගයි තේරීම් කමිටු සභාපතිධුරයෙන් ඉවත් වීමට ඉන්සමාම් පියවර ගෙන ඇත්තේ.

තාමට එරෙහිව මාධ්‍ය ඔස්සේ එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කිරීමට අවස්ථාව ලබා දෙමින් තමා ධූරයෙන් මෙලෙස ඉවත් වුවද, එම පරීක්ෂණයෙන් තමා වරදකරුවෙකු නොවන බව සනාථ වුවහොත් තමා යළි ධූරය භාර ගන්නා බව ද ඉන්සමාම් උල් හක් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...