දිමුත් හා චමීර අද තරගයට ? සහාය පුහුණුකරු කරුණු පහදයි

Date:

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් පෙරේරාගෙන් බලාපොරොත්තු වූ සේවය කණ්ඩායමට නොලැබුණු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් පවසනවා.

අද(30) ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළේ.

කුසල් පෙරේරාට ඔහුගේ සුපුරුදු පිතිහරඹය දියත් කරන ලෙසට උපදෙස් ලබා දී තිබූ නමුත්, ඔස්ට්‍රේලියානු තරගයේ දී හැර අනෙක් තරගවලදී ඔහුගෙන් බලාපොරොත්තු වූ සේවය කණ්ඩායමට නොලැබුණු බව සහාය පුහුණුකරු පෙන්වා දුන්නා.

ඒ අනුව කුසල් වෙනුවට ආරම්භක පිතිකරුවෙකු ලෙස දිමුත් කරුණාරත්න යොදා ගැනීම සම්බන්ධයෙන් තේරීම් කමිටු නිළධාරීන් සලකා බලනු ඇති බවයි නවීඩ් නවාස් කියා සිටියේ.

මේ අතර, ලහිරු කුමාර ආබාධයකට ලක් වීම හේතුවෙන් සංචිතයට ආදේශ කෙරුණු දුෂ්මන්ත චමීර අද තරගයට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද ශ්‍රී ලංකා සහාය පුහුණුකරු සදහන් කළා.

කුමාර පසුගිය සෙනසුරාදා පැවැති පුහුණුවීම්වලදී අදාළ ආබාධයට මුහුණ දුන් බවත්, ඔහුට සති තුනක පමණ කාලයක් පුනරුත්තාපන ක්‍රියාවලියකට ලක් වීමට සිදුව ඇති බවත් මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...