තියුණු සටනකින් පසු නවසීලන්තයට ලකුණු පහක අහිමිරි පරාජයක්

Date:

රචින් රවීන්ද්‍රගේ සුපිරි ශතකය හා ජේම්ස් නීෂම්ගේ සටන්කාමී ඉනිම අපගේ යවමින් නවසීලන්තය සමග පැවැති මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 27 වැනි තරගයෙන් ලකුණු පහක තියුණු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව අද(28) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 389 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 383 ක් පමණයි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රචින් රවීන්ද්‍ර පන්දු 89 කින් ලකුණු 116 ක් ලබා ගත්තේ හයේ පහර 5 ක් හා හතරේ පහර 9 ක් සමගින්. ඩැරල් මිචෙල් ලකුණු 54 කට දැවී ගියා.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට ලකුණු 19 ක් අවශ්‍ය වූ අතර, අවසන් පන්දු දෙකේ දී තරගය ජය ගැනීමට නවසීලන්තයට අවශ්‍ය වූ ලකුණු සංඛ්‍යාව 7 ක්.

කෙසේ වෙතත්, 5 වැනි පන්දුවේ දී ජේම්ස් නීෂම් දුවද්දී දැවී ගියේ නවසීලන්තයේ සියලු බලාපොරොත්තු සුන් කරමින්. (දර්ශන පහතින්) නීෂම් පන්දු 39 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 58 ක්. හයේ පහර හා හතරේ පහර 3 බැගින් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා ලකුණු 74 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ජොෂ් හේසල්වුඩ් හා පැට් කමින්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 388 ක් ලබා ගත්තා.

මෙවර තරගාවලියේ සිය පළමු තරගයට ක්‍රීඩා කළ ට්‍රැවිස් හෙඩ් පන්දු 67 කින් ලකුණු 109 ක් රැස් කළා. ඒ, හයේ පහර 7 ක් හා හතරේ පහර 10 ක් සමගින්. ඩේවිඩ් වෝනර් ලකුණු 81 යි. පන්දු 65 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 6 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත්.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට පන්දුවාර 19.1 ක් තුළ ගොඩ නැගුණු වේගවත් සම්බන්ධතාවය ලකුණු 175 ක්.

ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 41(24) ක්, ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 38(28) ක් හා පැට් කමින්ස් ලකුණු 37(14) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් හා ග්ලේන් පිලිප්ස් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...