ඔස්ට්‍රේලියානු 20යි 20 සංචිතයේ නායකත්වය මැතිව් වේඩ්ට

Date:

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා ලෙස පත් කර ඇත්තේ මැතිව් වේඩ්.

සියලු තරග රටා ක්‍රීඩා කරන වේග පන්දු යවන්නන් හා තුන් ඉරියව් ක්‍රීඩකයින් මෙම සංචිතයට නම් කර නැහැ. ඒ, එළඹෙන ටෙස්ට් තරගාවලි වෙනුවෙන් ඔවුන්ට සූදානම් වීමට අවස්ථාව ලබා දීමේ අරමුණින්.

නමුත්, ඩේවිඩ් වෝනර්, ස්ටීවන් ස්මිත් හා ට්‍රැවිස් හෙඩ් මෙම සංචිතයට නම් කර තිබෙනවා.

පැට් කමින්ස්, මිචෙල් ස්ටක් හා ජොෂ් හේසල්වුඩ් මෙන්ම කැමරන් ග්‍රීන් හා මිචෙල් මාෂ් ලෝක කුසලානයෙන් පසුව යළි සිය රට බලා පිටත්ව යාමට නියමිතයි.

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර 20යි 20 තරගාවලිය නොවැම්බර් 23, 26, 28, දෙසැම්බර් 1 හා 3 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Australia’s T20I squad:

Matthew Wade (c), David Warner, Travis Head, Steven Smith, Glenn Maxwell, Matt Short, Marcus Stoinis, Tim David, Josh Inglis, Jason Behrendorff, Sean Abbott, Nathan Ellis, Spencer Johnson, Adam Zampa, Tanveer Sangha

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...