පාකිස්තානයට පිට පිට 4 වැනි පරාජයත් උරුම කරමින් දකුණු අප්‍රිකාවට එක් කඩුල්ලක තියුණු ජයක්

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගයෙන් පාකිස්තානය පරදා එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(27) සමත් වුණා.

මෙම ජයත් සමග දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙමුණට පැමිණීම ද විශේෂත්වයක්. පාකිස්තානය මෙවර තරගාවලියේ දී අඛණ්ඩව පරාජයට පත් වූ සිව්වැනි තරගය මෙය වීම ද කැපී පෙනෙනවා.

චෙන්නායි හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 271 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව ඉනිම නිමා වීමට පන්දු 16 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 9 ක් දැවී සිටියදීයි.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 91 ක් රැස් කළ අතර, ඩේවිඩ් මිලර් ලකුණු 29 යි. ටෙම්බු බවුමා ලකුණු 28 කට දැවී ගියා. කේෂාව් මහරාජ් නොදැවී ලකුණු 7ක් හා ටබ්රයිස් ශම්සි නොදැවී ලකුණු 4 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට තියුණු ජයක් හිමි කර දුන්නා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 3 ක් දවා ගත් අතර, හැරිස් රවුෆ්, මොහමඩ් වසීම් හා උසාමා මීර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 270 කට දැවී ගියේ පන්දුවාර 46.4 ක්  අවසානයේ දී යි.

සවුද් ශකීල් ලකුණු 52 ක් හා බාබර් අසාම් ලකුණු 50 ක් රැස් කළා.

පන්දු යැවීමේදී ටබ්රයිස් ශම්සි ලකුණු 60 කට කඩුලු 4 ක් දවා ගත් අතර, මාර්කෝ ජන්සෙන් කඩුලු 3 ක් බිද හෙලුවා.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...