Lanka T10 ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන දිනය නිවේදනය කෙරේ

Date:

පළමු වරට සංවිධාන කරන ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය නොවැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(27) නිවේදනය කළා.

තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

T Ten Global Sports හා Innovative production Group සමග ඒකාබද්ධව T Ten Sports Management විසින් මෙම තරගාවලිය සංවිධාන කරනවා.

මෙම තරගාවලියට අමතරව ලොව පුරා දක්ෂ ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරන Women’s T10 තරගාවලියක් ද පළමු වරට සංවිධාන කිරීමට අවධානය යොමු කර තිබෙනවා. පිරිමි තරගාවලියට සමගාමීව එම තරගාවලිය පැවැත්වීමට කටයුතු කරනු ඇති.

ලංකා T10 තරගාවලිය සදහා මෙරට ප්‍රධාන නගර කිහිපයක නම් සහිත කණ්ඩායම් 6 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, එය නොවැම්බර් 5 වැනිදායි අවසන් වනවා.

http://ttensports.com යන වෙබ් ලිපිනය ඔස්සේ ක්‍රීඩකයින්ට ලියාපදිංචි විය හැකි අතර, හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද වෙන්දේසියට ඉදිරිපත් වන්නේ නම් එම වෙබ් ලිපිනයට පිවිස ලියාපදිංචි විය යුතුයි.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...