චමරිගෙන් යළිත් සුපිරි ඉනිමක් ; Thunder කණ්ඩායමට කඩුලු අටක ජයක්

Date:

චමරි අතපත්තුගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ මෙවර කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයෙන් Melbourne Renegades කණ්ඩායම පරදා කඩුලු අටක පහසු ජයක් වාර්තා කිරීමට Sydney Thunder කණ්ඩායම අද(26) සමත් වුණා.

සිඩ්නි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සිඩ්නි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මෙල්බර්න් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 147 ක් ලබා ගත්තා.

Georgia Wareham නොදැවී ලකුණු 47 ක් හා Courtney Webb ලකුණු 31 ක් රැස් කළා.  පන්දු යැවීමේ දී චමරි අතපත්තු ලකුණු 20 කට කඩුල්ලක් බිද හෙලුවා.

සිඩ්නි තන්ඩර් කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ පන්දුවාර 17.3 ක් අවසානයේ දී කඩුලු 2 ක් දැවී සිටියදීයි.

පිළිතුරු ඉනිමේ දී සිඩ්නි කණ්ඩායම වෙනුවෙන් ආරම්භක කඩුල්ල සදහා ලකුණු 99 ක සම්බන්ධතාවයක් ගොඩ ගැනීමට චමරි සමගින් එක් වූ Tahlia Wilson සමත් වුණා.

Wilson ලකුණු 28 කට දැවී ගියා. චමරි පන්දු 54 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 80 ක්. ඇයගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 13 ක් ඇතුළත්. පසුගිය 22 වැනිදා සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සමග පැවැති තරගයේ දී ද චමරි ලකුණු 52 ක් වාර්තා කළා.

පන්දු යැවීමේ දී Georgia Wareham ලකුණු 23 කට කඩුලු 2 ක් දවා ගත්තා.

චමරිගේ දක්ෂතා ඇතුළත් වීඩියෝ කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...