ශ්‍රී ලංකාවට එරෙහිව සියවසේ පළමු ජය සොයා එංගලන්තය අද තරග බිමට

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරගය අද(26) ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර බැංගලූරුහි M Chinnaswamy ක්‍රීඩාංගනයේ දී පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කණ්ඩායම් දෙකම මේ වන විට තරග 4 බැගින් ක්‍රීඩා කර තරග 3 බැගින් පරාජයට පත්ව ඇති අතර, ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ රැදී සිටිනවා. එංගලන්තය රැදී සිටින්නේ 8 වැනි ස්ථානයේයි.

බැංගලූරු ක්‍රීඩාංගනය සමාන්‍යයෙන් ඉහළ ලකුණු වාර්තා වන ක්‍රීඩාංගනයක්. අද දිනයේ දී බැංගලූරු ප්‍රදේශයේ උපරිම උෂ්ණත්වය 31°C ක පමණ අගයක් ගනු ඇති.

දත්ත වාර්තා 

  • එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දී ශ්‍රී ලංකාව හා එංගලන්තය තරග 11කදී එකිනෙකා මුණ ගැසී තිබෙනවා. එංගලන්තය ඉන් තරග 6 ක් ද, ශ්‍රී ලංකාව තරග 5 ක් ද ජය ගැනීමට සමත් වුණා.
  • කෙසේ වෙතත්, මෙම කණ්ඩායම් දෙක අවසන් වරට එක්දින ලෝක කුසලාන තරගවලදී මුණ ගැසුණු අවස්ථා හතරම ජය ගත්තේ ශ්‍රී ලංකාවයි. (2007, 2011, 2015, 2019) ඒ අනුව මෙම සියවසේ දී එක්දින ලෝක කුසලාන තරගයකින් ශ්‍රී ලංකාව පරාජයට පත් කිරීමට එංගලන්තයට තවමත් හැකියාව ලැබී නැහැ.
  • 2015 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලැබූ කඩුලු 9ක ජයෙන් පසුව දෙරට අතර මේ දක්වා එක්දින තරග 11 ක් පවත්වා ඇති අතර, ඉන් තරග 8 ක් ජය ගෙන ඇත්තේ එංගලන්තයයි. එක් තරගයක් ලකුණු සම වීමකින් අවසන් වුණා.
  • බැංගලූරු ක්‍රීඩාංගනයේ දී එංගලන්තය එක්දින තරග 5 ක් ක්‍රීඩා කර ඇතත්, ඔවුන් අවසන් වරට එම ක්‍රීඩාංගනයේ දී එක්දින තරගයක් ජය ගෙන ඇත්තේ 1993 වසරේ දී යි.
  • ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩාංගනයේ දී එක් එක්දින තරගයක් පමණක් ක්‍රීඩා කර තිබෙනවා. ඒ, 1982 වසරේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...