අවශ්‍යනම් පන්දු යවන්නත් මම සූදානම් : මැතිව්ස්

Date:

අවශ්‍ය වුවහොත් තමා මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී පන්දු යැවීමට ද සූදානමින් පසුවන බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා.

හෙට(26) එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

පසුගිය වසර කිහිපයේ දී ඔහු ආබාධ හේතුවෙන් පන්දු යැවීමෙන් තරමක් ඉවත්ව සිටි නමුත්, නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ද ඔහු පන්දු යැවීමෙන් ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වුණා.

මේ අතර, පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට අවශ්‍ය පරිදි මැදපෙල ඕනෑම ස්ථානයක පන්දුවට පහර දීමට තමා සූදානමින් සිටින බව ද මැතිව්ස් අවධාරණය කළා.

මතීෂ පතිරණ ආබාධයකට ලක් වීම හේතුවෙනුයි ඔහු වෙනුවට ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට තේරීම් කමිටුව පියවර ගත්තේ.

මතීෂ පතිරණට තමා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත්, ඔහු ඉදිරි වසර 10-12 ක කාලය තුළ දී ශ්‍රී ලංකාවට විශාල සේවයක් ඉටු කරනු ඇති බවට තමා විශ්වාසය පල කරන බවත් මැතිව්ස් මෙම මාධ්‍ය හමුවේ දී සදහන් කළා.

ශ්‍රී ලංකා – එංගලන්තය තරගය හෙට බැංගලූරු හී දී පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...