පළමු වරට පාකිස්තානය පරදා ඇෆ්ඝනිස්ථානයෙන් තවත් පෙරළිකාර ජයක්

Date:

පාකිස්තානය පරදා පළමු වරට එක්දින තරග ජයක් වාර්තා කරමින් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(23) සමත් වුණා.

චෙන්නායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 282 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානය පන්දුවාර 49 ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 65(53) ක් හා ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 87(113) ක් රැස් කරමින් සිය කණ්ඩායමට අනර්ඝ ආරම්භයක් ලබා දුන්නා. ඒ, පළමු කඩුල්ලට ලකුණු 130 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

අනතුරුව රහ්මට් ෂාහ් නොදැවී ලකුණු 77 ක් හා හෂ්මතුල්ලාහ් ශහීඩි නොදැවී ලකුණු 48 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම සුපිරි ජයක් කරා රැගෙන ගියා.

තෙවැනි කඩුල්ල සදහා ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 96(93) ක්.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි හා හසන් අලී කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 74 ක් හා අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 58 ක් ලබා ගත් අතර, ශඩාබ් ඛාන් හා ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 40 බැගින් ලබා ගත්තා. පන්දු 27 කින් වාර්තා වූ ඉෆ්ටිකාර්ගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 2ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී නූර් අහ්මඩ් ලකුණු 49 කට කඩුලු 3 ක් දවා ගත් අතර, නවීන් උල් හක් කඩුලු 2 ක් දවා ගත්තා.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...