ඉන්දීය හිටපු ක්‍රිකට් නායකයෙකු දිවි ගමනට සමු දෙයි

Date:

ඉන්දීය හිටපු නායකයෙකු වන Bishan Bedi අභාවප්‍රාප්ත වී තිබෙනවා.

77 හැවිරිදි වියේ පසු වූ ඔහු දිල්ලි හීදී මිය ගොස් ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඔහු පසුගිය වසර දෙකක කාලයේ දී අසනීප තත්ත්වයෙන් පසු වූ අතර, ශල්‍යකර්ම රැසකට ද මුහුණ දී තිබුණා.

දක්ෂ වමත් දග පන්දු යවන ක්‍රීඩකයෙකු වූ Bedi ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් 1967 වසරේ සිට 1979 වසර දක්වා වූ කාලයේ දී ටෙස්ට් තරග 67 ක් හා එක්දින තරග 10 ක් ක්‍රීඩා කළා.

ඔහු ටෙස්ට් පිටියේ දී දවා ගෙන තිබූ කඩුලු ගණන 266 ක්. ඔහු ක්‍රීඩාවෙන් සමු ගන්නා විට ඉන්දියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගෙන තිබුණේ ද Bishan Bedi.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...