ශ්‍රී ලංකා තරගය අභියස එංගලන්ත සංචිතයට වෙනසක්

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතයට වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Brydon Carse ආදේශ කර තිබෙනවා.

ඒ, ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක රීස් ටොප්ලි වෙනුවටයි.

ලෝක කුසලානය යටතේ එංගලන්තය ක්‍රීඩා කරන මීළග තරගය එළඹෙන 26 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව බැංගලූරුහී දී පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර Brydon Carse බැංගලූරුහී දී එංගලන්ත සංචිතය සමග එක්වීමට නියමිතයි.

කෙසේ වෙතත්, මාසයක පමණ කාලයකින් තරගයක් ක්‍රීඩා කර නොමැති බැවින් ඔහු එක්වරම කණ්ඩායමේ අවසන් 11 දෙනා අතරට නම් කිරීමට ඇත්තේ අවම අවස්ථාවක්.

දකුණු අප්‍රිකාවේ උපත ලද 28 හැවිරිදි Brydon Carse මේ දක්වා එංගලන්තය වෙනුවෙන් එක්දින තරග 12 ක් හා 20යි 20 තරග 3ක් ක්‍රීඩා කර තිබෙනවා.

පසුගියදා දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයේ දී රීස් ටොප්ලි ආබාධයකට ලක් වුණේ ඔහු යොමු කළ සිව්වැනි පන්දුවාරයේ දී යි. පන්දුවක් රැක ගැනීමට යාමේ දී ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක මෙම ආබාධය සිදු වුණා.

අනතුරුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක අස්ථි බිදී යාමක් සිදුව ඇති බවයි. ඒ හේතුවෙන් ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...