වෝනර්, මාෂ් ශතක හා සම්පාගේ සුපිරි පන්දු යැවීම ඔස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 62ක ජයක් ලබමින් මෙවර තරගාවලියේ දී තමන් ලැබූ දෙවැනි ජය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(20) සමත් වුණා.

බැංගලූරු හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 9 ක් දැවී ලකුණු 367 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 45.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 305 ක් පමණයි.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 33.5 ක් තුළ ලකුණු 259 ක සුපිරි සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ඩේවිඩ් වෝනර් හා මිචෙල් මාෂ් සමත් වුණා.

පාකිස්තාන ක්‍රීඩකයින් අතින් මෙම තරගයේ දී උඩ පන්දු කිහිපයක් ගිලිහී ගිය අතර, වෝනර් ලකුණු 10 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් උසාමා මීර් අතින් ගිලිහී යාම තරගයේ තීරණයට දැඩිව බලපෑවා.

වෝනර් පන්දු 124 කින් වේගවත් ලකුණු 163 ක් ලබා ගත්තේ හයේ පහර 9 ක් හා හතරේ පහර 14 ක් සමගින්. මාෂ් ලකුණු 121(108) යි. හයේ පහර 9 ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

කෙසේ වෙතත්, සෙසු පිතිකරුවන්ගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් නොලැබුණු බැවින් ඔවුන්ට ලකුණු 400 සීමාව ඉක්මවා යාමේ අවස්ථාව අහිමි වී ගියා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 54 කට කඩුලු 5 ක් දවා ගැනීම කැපී පෙනුණා.

පාකිස්තාන පිළිතුරු ඉනිමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 134 ක්. අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 64 කට දැවී ගිය අතර, ඉමාම් උල් හක් ලකුණු 70 යි. මොහමඩ් රිස්වාන් ලකුණු 46 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා ලකුණු 53 කට කඩුලු 4 ක් දවා ගත් අතර, පැට් කමින්ස් හා මර්කස් ස්ටොයිනිස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...