පතිරණ ඉවතට, කුසල් පෙරේරා ගැන අවසන් තීරණය අද

Date:

හෙට(21) නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන ලෝක කුසලාන තරගය සදහා ද තේරීම් වෙනුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සලකා බැලීමට නොහැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් පවසනවා.

තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සදහන් කළේ තවත් දින 4ක පමණ කාලයක් ඔහුට පුනරුත්තාපන කටයුතුවල නිරත වීමට සිදු වන බවයි.

ඉන් අනතුරුව ඔහුගේ තත්ත්වය තක්සේරු කර අවශ්‍ය වුවහොත් ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කරන බව හෙතෙම කියා සිටියා.

අවශ්‍යතාවයක් ඇති වුවහොත් සංචිතයට කැදවීමේ අරමුණින් දුෂ්මන්ත චමීර හා ඇන්ජෙලෝ මැතිව්ස් ද අතිරේක ක්‍රීඩකයින් ලෙස තරගාවලිය වෙනුවෙන් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත් අතර, ඒ අනුව ඔවුන් දෙදෙනා අද දිනයේ දී ලක්නව්හී දී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වුණා.

පතිරණට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුවහොත් ඔහු වෙනුවට බොහෝ විට චමීර සංචිතයට ආදේශ කිරීමට පියවර ගනු ඇති.

මේ අතර, ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේ දී පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් කම්පන තත්ත්වයකට මුහුණ දුන් කුසල් පෙරේරා මේ වන විට යථා තත්ත්වයට පත් වෙමින් සිටින බව ද සහාය පුහුණුකරු නවීඩ් නවාස් සදහන් කළා.

කුසල් ඊයේ දිනයේ දී පුහුණුවීම්වල නිරත වූ බවත්, අද දිනයේ දී ද පුහුණුවීම්වල නිරත වන බවත් ඔහු කියා සිටියා. අද පැවැත්වෙන පුහුණුවීම්වලින් අනතුරුව ඔහුට හෙට තරගයට ක්‍රීඩා කළ හැකි දැයි අවසන් වශයෙන් තීරණය කරන බවයි සහාය පුහුණුකරු මාධ්‍ය හමුවේ පැවසුවේ.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර හෙට ලක්නව් හී දී පෙරවරු 10:30 ට ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...