පාන්ඩ්යා රෝහල් ගත කෙරේ ; කෝලි යැවූ පන්දු 3 මෙන්න

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (19) පැවැත්වෙන තරගාවලියේ 17 වැනි තරගයේ දී ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යා ආබාධයකට ලක් වුණා.

බංග්ලාදේශයට එරෙහිව පූනේ හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, බංග්ලාදේශ ඉනිමේ 9 වැනි පන්දුවාරයේ දී යි පාන්ඩ්යා මෙම ආබාධයට මුහුණ දුන්නේ.

ඔහු විසින් මෙම තරගයේ දී යොමු කළ පළමු පන්දුවාරය එය වූ අතර, එම පන්දුවාරයේ තෙවැනි පන්දුව යොමු කිරීමෙන් අනතුරුව තමා දෙසට පෙරළා පැමිණි පන්දුව පාදයෙන් නතර කිරීමට ගත් උත්සාහයේ දී පාන්ඩ්යාගේ වම් වළලුකර ප්‍රදේශයේ මෙම ආබාධය සිදු වුණා.

අනතුරුව මූලික වෛද්‍ය ප්‍රතිකාර ඔහුට ලබා දුන් නමුත්, පසුව ඔහුව ක්‍රීඩාංගනයෙන් ඉවතට රැගෙන යාමටයි පියවර ගැණුනේ.

එම පන්දුවාරයේ ඉතිරි පන්දු තුන විරාත් කෝලි විසින් යොමු කිරීම ද කැපී පෙනුණා. (දර්ශන පහතින් නරඹන්න)

මේ අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ හර්ඩික් පාන්ඩ්යා වෛද්‍ය පරීක්ෂණයක් (scans) සදහා මේ වන විට රෝහල් ගත කර ඇති බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...