ප්‍රබල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ඉන්දියාවට පිටත් කර හරියි

Date:

ඉන්දියාවේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා සංචිතය සමග තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අතිරේක ක්‍රීඩකයින් ලෙස එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ලෝක කුසලාන සංචිතයේ ක්‍රීඩකයෙකුට ආබාධයක් සිදු වුවහොත් කඩිනමින් ක්‍රීඩක ආදේශ කිරීමක් සිදු කිරීමේ අරමුණ ඇතිව ක්‍රිකට් තේරීම් කමිටුව මෙම තීරණය ගෙන ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව ඇන්ජෙලෝ මැතිව්ස් හා දුෂ්මන්ත චමීර හෙට (20) දිනයේ දී ඉන්දියාවේ දී ශ්‍රී ලංකා සංචිතය සමග එක්වීමට නියමිතයි.

චමීර ආබාධයකින් පසුව සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව නොසිටි බැවින් ඔහුව ලෝක කුසලාන තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය සදහා නම් කෙරුණේ නැහැ.

මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩා කරන මීළග තරගය එළඹෙන 21 වැනිදා ලක්නව් හී දී නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙතෙක් ක්‍රීඩා කළ තරග තුනම පරාජයට පත්ව ඇති ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ අවසන් ස්ථානයේයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...