ඇෆ්ඝනිස්තානය පරදා නවසීලන්තය ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණට

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා ලකුණු 149 ක ජයක් වාර්තා කරමින් සිය අපරාජිත බව තවදුරටත් රැක ගැනීමට නවසීලන්තය අද(18) සමත් වුණා. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ද යළි හිමි කර ගැනීමට මේ වන විට සමත්ව සිටින්නේ නවසීලන්තයයි. (නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්)

චෙන්නායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තාන පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 288 ක් රැස් කළා.

ඔවුන්ගේ ඉනිම එක් අවස්ථාවක එක් කඩුල්ලක් දැවී ලකුණු 109 ක් ලෙස සටහන්ව තිබූ අතර, අනතුරුව තවත් කඩුලු 3 ක් එක් ලකුණක් තුළ බිද වැටුණා. ඒ අනුව පන්දුවාර 21.4 ක් අවසානයේ නවසීලන්ත ලකුණු පුවරුව සටහන් වුණේ කඩුලු 4 ක් දැවී ලකුණු 110 ක් ලෙසයි.

කෙසේ වෙතත්, පසුව ටොම් ලේතම් සමග පිටියේ එක් වූ ග්ලේන් පිලිප්ස් 5 වැනි කඩුල්ලට ලකුණු 144 (153) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

නායක ලේතම් ලකුණු 68 ක් රැස් කළ අතර, පිලිප්ස් ලකුණු 71 යි. ආරම්භක පිතිකරු විල් යන්ග් ලකුණු 54 කට දැවී ගියා. රචින් රවීන්ද්‍ර ලකුණු 32 ක් ද, මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 25(12) ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී නවීන් උල් හක් හා අස්මතුල්ලාහ් ඔමර්සායි කඩුලු 2 බැගින් බිද හෙලුවා. පන්දු රැකීමේ දී උඩ පන්දු රැසක් ඇෆ්ඝනිස්තාන පන්දු රකින්නන් අතින් ගිලිහී යාම මෙම තරගයේ ප්‍රතිපලයට දැඩිව බලපානු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 34.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 139 ක් පමණයි.

රහ්මත් ශාහ් ලකුණු 36 ක් ලබා ගත් අතර, අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 27 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මිචෙල් සැන්ට්නර් හා ලොකී ෆර්ගසන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...