Watch : බවුමා හා මාක්‍රම් අසරණ වූ සුපිරි පන්දු දෙක

Date:

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු දෙකක් යොමු කරමින් දකුණු අප්‍රිකානු පිතිකරුවන් වන ටෙම්බා බවුමා හා ඒඩ්න් මාක්‍රම් දවා ගැනීමට නෙදර්ලන්තයේ Roelof van der Merwe හා Paul van Meekeren අද(17) සමත් වුණා.

ධර්ම්ශාලා හී දී ආරම්භ වූ තරගයේ එක් ඉනිමක් වර්ෂාව හේතුවෙන් පන්දුවාර 43 කට සීමා කිරීමට සිදු වූ අතර, කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 245 ක් ලබා ගත්තා.

නෙදර්ලන්ත ඉනිමේ පළමු කඩුලු 7 ලකුණු 140 ක් තුළ බිද වැටුණු පසුබිමකයි ඔවුන් එම ලකුණු සංඛ්‍යාව වෙත ළගා වුණේ.

දකුණු අප්‍රිකා පිළිතුරු ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 44 ක් තුළ බිද වැටුණා. එහිදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණේ නායක බවුමාගේ හා මාක්‍රම්ගේ කඩුලු දෙකයි.

Roelof van der Merwe හා Paul van Meekeren යොමු කළ පන්දු දෙකක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි ඔවුන් දැවී ගියේ.

පළමු කඩුලු හතරේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...