දසුන් ලෝක කුසලානයෙන් ඉවතට ; ආදේශක ක්‍රීඩකයාට අයි.සී.සී අනුමැතිය

Date:

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා.

ඒ, පාකිස්තානය සමග පැවැති තරගයේ දී ඔහු මුහුණ දුන් ආබාධයක් (quad injury) හේතුවෙන්.

ආබාධය පිළිබද සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහුට අවම වශයෙන් සති 3ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වන බවයි.

ශානක වෙනුවට චාමික කරුණාරත්න ලෝක කුසලාන සංචිතය සදහා ආදේශ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ සදහා තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

ඒ අනුව ඉදිරි තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උප නායක කුසල් මෙන්ඩිස්ට පැවරෙනු ඇති.

ලෝක කුසලානය සදහා අතිරේක ක්‍රීඩකයෙකු ලෙස මීට පෙර චාමික කරුණාරත්න නම් කර තිබූ අතර, ඒ අනුව ඔහු මේ වන විටත් ශ්‍රී ලංකා සංචිතය සමග ඉන්දියාවේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...