36 ට කඩුලු 8ක් දැවී ගිය පාකිස්තාන පිල ඉන්දියාව හමුවේ 8 වැනි පරාජයත් ලබයි

Date:

පන්දු යවන්නන්ගේ දක්ෂතා හා රෝහිත් ෂර්මාගේ විශිෂ්ඨ ඉනිම හමුවේ 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයෙන් පාකිස්තානය පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම අද(14) සමත් වුණා.

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 42.5 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 191 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 30.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ෂුබ්මන් ගිල් හා විරාත් කෝලි ලකුණු 16 බැගින් ලබා සිටියදී දැවී ගියා. නායක රෝහිත් ෂර්මා ලකුණු 86 ක් රැස් කළේ පන්දු 63කින්. හයේ පහර හා හතරේ පහර 6 බැගින් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

ෂ්රෙයස් අයියර් නොදැවී ලකුණු 53(62) ක් හා කේ එල් රාහුල් නොදැවී ලකුණු 19 ක් ලබා ගනිමින් ඉන්දියාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

ඒ අනුව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දී දෙරට අතර මෙතෙක් පවත්වා ඇති තරග අටම ජය ගනිමින් සිය අපරාජිත වාර්තාව තවදුරටත් රැක ගැනීමට ඉන්දියාව අද සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 50 ක් හා මොහමඩ් රිස්වාන් ලකුණු 49 ක් රැස් කළා. ඉමාම් උල් හක් ලකුණු 36 යි. අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 20 කට දැවී ගියා.

පාකිස්තාන ඉනිමේ තෙවැනි කඩුල්ල දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 155 ක් ලෙස සටහන්ව තිබියදීයි. ඒ අනුව ඔවුන්ගේ අවසන් කඩුලු 8 ලකුණු 36 ක් තුළ දැවී යාම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා, මොහමඩ් සිරාජ්, හර්ඩික් පාන්ඩ්යා, කුල්දීප් යාදව් හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ද ඉන්දියාව සමත් වුණා.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...